ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බව නිවේදනය කරනවා.
2025 ජුලි මස 03 වන දින සිට ඇති වූ තාක්ෂණික යටිතල පහසුකම් ගැටලුවක් හේතුවෙන්, වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා අත්හිටුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
එමෙන්ම, මෙම සේවාවන් 2025 ජුලි මස 09 වන දින දක්වා අක්‍රියව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්.
මෙම බාධාව හේතුවෙන් පුරවැසියන්ට සිදු වන අපහසුතාවයන් පිළිබඳව ICTA ආයතනය කණගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි එම ආයතන සඳහන් කරන්නේ.