24.5 C
Colombo
Wednesday, November 26, 2025

ගාසා තීරයේ දරුවන්ට ඊශ්‍රායල හමුදාව වෙඩි තබයි

Published:

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් රැසක් මිය ගොස් ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මධ්‍යම ගාසා තීරයේ ඩීර්-අල් – බලාහ් නගරයේ සෞඛ්‍ය සායනයක ප්‍රතිකාර ලබාගැනීම සඳහා පෙළ ගැසී සිටි පිරිසකට ඊශ්‍රායල හමුදාව වෙඩි තබා තිබෙනවා.

එහිදි කාන්තාවන් ළමුන් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය කුඩාම ළමයාගේ වයස අවුරුදු 2 ක් වන අතර වයසින් වැඩිම දරුවාගේ වයස අවුරුදු 14 ක්.

එම සිද්ධියෙන් විපතට පත් ළමුන්ගේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෙවැනි වෙඩි තැබීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img