27.8 C
Colombo
Sunday, March 1, 2026

ටෙහෙරානයේ පිහිටි IRGC මූලස්ථානයට ඊශ්‍රායලයෙන් ප්‍රබල ගුවන් ප්‍රහාරයක්

Published:

ටෙහෙරාන් අගනුවර ආරක්ෂාව සඳහා වගකිව යුතු ප්‍රධාන අණදෙන මධ්‍යස්ථානයක් වන ටෙහෙරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ තාර්-අල්ලා මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් අද නිකුත් කළා.

ටෙහෙරානයේ ඉස්ලාමීය ජනරජයේ අණදෙන මධ්‍යස්ථානයක් විනාශ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව මීට පෙර පැවසූ අතර ප්‍රහාරයේ ගුවන් දර්ශන ද ප්‍රකාශයට පත් කළා.

තාර්-අල්ලා මූලස්ථානය යනු ටෙහෙරාන් ප්‍රදේශයේ ආරක්ෂාව අධීක්ෂණය කිරීම සහ ආරක්ෂක බළකායේ ඉහළ අණදෙන නිලධාරියාට සෘජුවම වාර්තා කළ යුතු IRGC අණදෙන මධ්‍යස්ථානයයි.

එහි විධිමත් ආරක්ෂක භූමිකාවට අමතරව, ඉරානයේ මහජන විරෝධතා මර්දනය කිරීමේදී මූලස්ථානය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,291FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img