30.6 C
Colombo
Sunday, August 24, 2025

හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – ඊශ්‍රායලයට ප්‍රති ප්‍රහාර

Published:

යේමනයේ හූති කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටි වරායන් සහ පහසුකම් ඉලක්ක කර ගනිමින් අද අලුයම ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර දියත් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් හූති කැරලිකරුවන් ද ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රතු මුහුදේ දී ලයිබීරියානු ධජය සහිත නෞකාවක් ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ ප්‍රහාරයකින් පසුව ඊශ්‍රායලය අද මෙම ප්‍රහාර එල්ල කළා.

හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර එම වරායන් වන්නේ හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායයි.

මේ ප්‍රහාරයෙන් පසුව හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා වෙනවා.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිසයිලය නැවැත්වීමට උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img