28.4 C
Colombo
Sunday, July 6, 2025

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරාන හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා මරුට

Published:

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 

ඉරානයට එරෙහි මෙම ඊශ්‍රායල හමුදා මෙහෙයුම “‘Strength of a Lion’” ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තකාර සිටින්නේ.

ඒ අනුව, ආරක්ෂක අමාත්‍ය Israel Katz විසින් රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ඊශ්‍රායලය සිය ගුවන් කලාපය වසා දමා තිබෙනවා. 

එමෙන්ම ඉරානය ටෙහෙරානයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටතට ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මිය ගොස් තිබෙනවා. 

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර ඇති අතර මිය ගිය පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිපදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්‍රායලයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව පළිගැනීමේ ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන බවත් ඊශ්‍රායලය ඊට සූදානම් බවයි. 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙවැනි අදහසක්. 

“අද රාත්‍රියේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගත්තේය. අපි ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ නොවන අතර අපගේ ප්‍රමුඛතාවය වන්නේ කලාපයේ ඇමරිකානු හමුදා ආරක්ෂා කිරීමයි. මෙම ක්‍රියාමාර්ගය ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා අවශ්‍ය බව ඔවුන් විශ්වාස කරන බව ඊශ්‍රායලය අපට උපදෙස් දුන්නේය. ජනාධිපති ට්‍රම්ප් සහ පරිපාලනය අපගේ හමුදා ආරක්ෂා කිරීමට සහ අපගේ කලාපීය හවුල්කරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇත. මම පැහැදිලිව කියන්නම්: ඉරානය එක්සත් ජනපද අවශ්‍යතා හෝ පිරිස් ඉලක්ක නොකළ යුතුය.” එක්සත් ජනපදය සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති සාකච්ඡා ඇණහිට ඇති බව පෙනෙන්නට තිබියදී, කලාපීය ගැටලු ඉහළ යමින් තිබියදී, මැද පෙරදිග පුරා තානාපති කාර්යාල නිලධාරීන් ඉවත් කිරීම ආරම්භ කිරීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,202FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img