ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසනවා.
ටෙහෙරානයට එල්ල වූ ප්‍රහාරයකදී කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රධානියා වූ අලි ෂඩ්මානි ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පැවසුවා.
ෂඩ්මානි ඉරානයේ “වඩාත්ම ජ්‍යෙෂ්ඨතම හමුදා අණ දෙන නිලධාරියා” ලෙස සැලකෙන අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට “සමීපතම පුද්ගලයා” ලෙස ද සලකනු ලබයි.
කෙසේ වෙතත් ඉරානයෙන් මේ පිළිබඳ ක්ෂණික අදහස් දැක්වීමක් සිදුකර නැහැ.
පසුගිය සිකුරාදා දින ඊශ්‍රායලය කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ හිටපු අණ දෙන නිලධාරියා වූ ගෝලාම් අලි රෂීඩ් ඝාතනය කිරීමෙන් පසුවයි අලි ෂඩ්මානි එම තනතුරට පත් කර ඇත්තේ.