27.2 C
Colombo
Sunday, March 1, 2026

නීතිමය ක්‍රියා පටිපාටිවලින් බැහැරව මීළඟ නායකයා පත් කිරීමට ඉරාන ආරක්ෂකයින්ගේ උත්සහයක්

Published:

නීතිමය ක්‍රියා පටිපාටිවලින් පිටත ඊළඟ නායකයා නම් කිරීමට ඉරාන ආරක්ෂකයින් උත්සාහ කරන බව මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉතිරි IRGC අණදෙන ව්‍යුහය ඉදිරි පැය කිහිපය තුළ තීරණය ගෙන අවසන් කිරීමට උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.

ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුවන බැවින්, උත්තරීතර නායකයා තෝරා ගැනීම සඳහා වගකිව යුතු ව්‍යවස්ථාමය ආයතනය වන විශේෂඥයින්ගේ සභාවේ සැසියක් කැඳවීම කළ නොහැකි බව සඳහන්.

එහි ප්‍රතිඵලයක් ලෙස, IRGC ඊළඟ නායකයා පත් කිරීම නීත්‍යානුකූලව නියම කර ඇති ක්‍රියා පටිපාටිවලින් බැහැරව සිදු කිරීමට බල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ප්‍රහාරවලින් කමේනි ඝාතනය කිරීමෙන් පසුව, ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක සහ හමුදා ව්‍යුහයන් තුළ අවුල් සහගත හා ව්‍යාකූලත්වයක් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

අණදීමේ දාමයේ කොටස් කඩාකප්පල් වී ඇති බවත්, නියෝග සම්ප්‍රේෂණය සහ මෙහෙයුම් සම්බන්ධීකරණය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් සඳහන්.

මෙය ඉදිරි පැය හා දින කිහිපය තුළ ක්ෂේත්‍ර තීරණ ගැනීම සහ අර්බුද කළමනාකරණය තවදුරටත් සංකීර්ණ කළ හැකි බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,106FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img