27.2 C
Colombo
Thursday, July 17, 2025

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර

Published:

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ටෙහෙරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාර එල්ල වීමත් සමයි මෙසේ ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඉරානය ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා 100කට වඩා දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව් අහස කළු දුමාරයෙන් වැසි ගොස් ඇති අතර ජෙරුසෙලම ප්‍රදේශයේ පිපුරුම් ශබ්ද ඇසෙන බවයි එම වාර්තා සඳහන් කළේ.

ඊශ්‍රායලයේ ‘ඔපරේෂන් රයිසින් ලයන්’ යටතේ ඉරාන න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුව මෙම නව උත්සන්න වීම සිදුව තිබුණා.

ප්‍රහාර සාධාරණීකරණය කරමින් ඊශ්‍රායලය පවසා ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ‘ආපසු හැරවිය නොහැකි ස්ථානයකට’ ළඟා වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ප්‍රහාරවලින් ඉරානයයේ අණ දෙන නිලධාරීන් කිහිප දෙනෙකු සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් හය දෙනෙකු අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් බගෙරි ද ප්‍රහාරවලින් මිය ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා කළා.

මේ අතර ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් පළමුව එල්ල කළ ප්‍රහාරවලදී 78ක් මියගොස් තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයන් 326ක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,328FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img