24.5 C
Colombo
Wednesday, November 26, 2025

IPL අවසන් මහ තරගය අද

Published:

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

ඒ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරය.

තරගය අහමදාබාද්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතය.

IPL ක්‍රිකට් ඉතිහාසයේ සිව්වැනි වරටත් අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල සමත් වුවද පන්ජාබ් පිල අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දෙවැනි වරටයි.
එහිදී පන්ජාබ් කණ්ඩායම වසර 11කට පසුව එනම් 2014 න් පසු අවසන් තරගයකට පිවිසෙද්දී බැංගලෝර් පිල අවසන් මහා තරගයක් සඳහා පිවිස ඇත්තේ 2016 වසරින් පසුව වීමද විශෙෂත්වයක්.
කෙසේවෙතත් මෙම දෙපිලම අවසන් මහා තරගයක් සඳහා පැමිණ එක් වරක් හෝ ශූරතාවය ලබා ගැනීමට හැකියාව ලැබී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img