30.6 C
Colombo
Monday, August 25, 2025

ඒකාබද්ධ බස් කාලසටහන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

Published:

ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාල සටහනක් යටතේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද මධ්‍යම රාත්‍රියේ කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ අංගනයේ සිට එම ගමන්වාර ආරම්භ කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියා සිටියේ.

එමෙන්ම මෙහිදී පැය හතරහමාරක ධාවන කාලයකින් පසුව බස් රථ රියදුරාට නිශ්චිත ස්ථානයකදී විවේක ගැනීම සඳහා අවස්ථාව සැලසෙනවා.

බස් රථයේ ගමන් ගන්නා මගීන් සඳහා සෞඛ්‍යාරක්ෂිතව ආපනශාලාවක ආහාර පහසුකම් සැලසෙන්නේද යන්න පිළිබඳවද මෙහිදී නිරන්තර නියාමනයකට ලක්වන බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

ඒ අනුව කොළඹ – හලාවත, කොළඹ – පුත්තලම, කොළඹ – ආනමඩුව, කොළඹ – එළුවන්කුළම සහ කොළඹ – කල්පිටිය, ගමන් මාර්ගවල මෙම ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මකයි.

එමෙන්ම මීගමුව – කල්පිටිය, කොළඹ – මන්නාරම, කොළඹ – තලෙයිමන්නාරම, කොළඹ – කුලියාපිටිය, කොළඹ – නිකවැරටිය, කොළඹ – කුලියාපිටිය, කොළඹ – අනුරාධපුර, කොළඹ – වව්නියාව, කොළඹ – කිලිනොච්චිය, කොළඹ – යාපනය, කොළඹ – කන්කසන්තුරේ, කොළඹ – කරෙයිනගර් සහ කොළඹ – තුන්නුක්කායි, යන ගමන් මාර්ගද මෙය ක්‍රියාත්මක කෙරෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,380FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img