Home Sri Lanka News කැරම්බෝඩ් සිද්ධියට මහින්දානන්ද, නලින් සහ හිටපු ක්‍රීඩා ලේකම්ට අධිචෝදනා භාරදෙයි

කැරම්බෝඩ් සිද්ධියට මහින්දානන්ද, නලින් සහ හිටපු ක්‍රීඩා ලේකම්ට අධිචෝදනා භාරදෙයි

0
7
අධිචෝදනා භාරදෙයි
අධිචෝදනා භාරදෙයි

මේ වන විට සිර දඬුවම් ලබා සිටින හිටපු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදුන්නා.

2014 පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ, මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට දැනටමත් සිර දඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here