27.8 C
Colombo
Wednesday, August 27, 2025

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම කල් තැබේ

Published:

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාර දීම සැප්තැම්බර් මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.

මෙම නඩුකරයට අදාළ චෝදනා පත්‍ර ගොනු කර තිබුණද ඊට අදාළ ඇමුණුම් මේ වන විට ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නා.

එම ඇමුණුම් ලැබීමට දින 21ක් පමණ ගතවනු ඇති බවට රජය මුද්‍රණාලාධිපතිවරයා දැනුම් දී ඇති නිසා දින 21කට පසුව එළැඹෙන දිනයක මෙම නඩුව කැඳවන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලීම් කළා.

ඒ අනුව අදාල නඩුව සැප්තැම්බර් මස 16 වන දා කැඳවීමටද හදිකරණය නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,439FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img