28.4 C
Colombo
Saturday, August 16, 2025

ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය

Published:

ඉන්දියාව නිදහස හිමි කරගෙන අදට වසර 79 ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, නවදිල්ලියේ රතු බළකොටුවේ දියි.

එහිදී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් අගයනු ලැබූ අතර ඒ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිපදෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක්කිරීම සිදු කෙරුණා.

වසර ගණනාවක දේශපාලන අරගලය අවසන් වෙමින් 1947 ඉන්දියානු නිදහස් පනත සම්මත වීමත් සමඟ ඔවුන්ට බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීමට හැකිවුණා.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති ඉන්දියාව 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය ලෙස රටවල් දෙකකට බෙදීමට ලක්වුණා.

ඉන්දියාව අගෝස්තු 15 වැනි දින නිදහස් දිනය සමරන අතර, පාකිස්ථානය එය අගෝස්තු 14 වැනි දින සමරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,365FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img