30 C
Colombo
Saturday, July 5, 2025

IMF එකට ලංකාවෙන් නිවැරදි නොවන තොරතුරු දීලා

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ දී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුවයි.

ඔහු සඳහන් කරන්නේ, මෙම නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම ශ්‍රී ලංකා බලධාරීන් අතින් චේතනාන්විතව සිදුවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගැනීමට තීරණය කර ඇති බවයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නිරවද්‍ය නොවන තොරතුරු ලබාදීම චේතනාන්විතව සිදු වී නොමැති අතර, රේඛීය අමාත්‍යාංශ විසින් මුදල් අමාත්‍යාංශයට හිඟ මුදල් කාලෝචිත ලෙස වාර්තාකිරීමේ දුර්වලතා මෙන්ම තාක්ෂණික අවබෝධතා ගිවිසුම යටතේ ‘හිඟ මුදල්’ යන්නෙහි අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් වැරදි අවබෝධයකින් සිටීම මේ සඳහා හේතු වී තිබුණා.

පවතින රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හිඟ මුදල් ආපසු ගෙවීම සිදුකිරීම හරහා බලධාරීන් විසින් ගනු ලැබූ නිවැරදි කිරීමේ පියවර මෙන්ම ඉදිරියේ දී හිඟ මුදල් එකතු වීමේ හෝ තොරතුරු නිරවද්‍ය නොවන ලෙස වාර්තා කිරීමේ අවදානම අවම කිරීම සඳහා නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියට අනුකූලව, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීම සඳහා වන බලධාරීන්ගේ කැපවීම පිළිබඳව විධායක මණ්ඩලය විසින් ධනාත්මකව සලකා බලනු ලැබුවා.

ඒ අනුව අනුකූල නොවන මිලදී ගැනීම්වලට හේතු වූ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක නොපිළිපැදීම වෙනුවෙන් සහන ලබාදීමට විධායක මණ්ඩලය එකඟ වූ අතර, VIII වගන්තියේ 5 වන උප වගන්තිය යටතේ බැඳීම් කඩ කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග නොගැනීමට තීරණය කළා.” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති කෙන්ජි ඔකමුරා එම ප්‍රකාශයේ දී සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,200FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img