25 C
Colombo
Thursday, August 28, 2025

IMF එකඟතාවය ගැන ජනපති කළ හෙළිදරව්ව…

Published:

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසුව සාකච්ඡා කළ හැකි බව චීනය දන්වා ඇති බවය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය මේ අවස්ථාවේ ඉදිරිපත්කළ නොහැකි බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු ඉල්ලා සිටියේ අදාළ ගිවිසුම අයවැය යෝජනාවලියට පෙර ලබාදෙන ලෙසය.

“මෙම සාකච්ඡා අවසන් වෙනතුරු මෙම ගිවිසුම නිකුත්කරන්න එපා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,453FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img