25.6 C
Colombo
Monday, January 12, 2026

ICC ය අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකත්වය අත්හිටුවයි

Published:

වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ (23) පැවැති රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ ICC සාමාජිකයෙකු ලෙස USA ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම තීරණය පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන T20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලනොපාන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී, “නිදහස් හා සාධාරණ මැතිවරණ” පැවැත්වීමට සහ “පුළුල්” පාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට USAC වෙත මාස තුනක් ලබා දී තිබුණු අතර ඉන් මාස දෙකකට පසුව මෙම අත්හිටුවීම සිදුකර තිබෙනවා.

ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මත පදනම්ව සුදුසු යැයි සැලකෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමේ අයිතිය තමන් සතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය USAC වෙත අනතුරු අඟවා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img