30.6 C
Colombo
Sunday, September 7, 2025

I M F ණය ප්‍රමාදය නිසා ශ්‍රී ලංකාව තවත් අමාරු අඩියක…

Published:

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවරයන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් ප්‍රමාද වීම ගැටලුවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

ඒ, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ ප්‍රකාශ සම්බන්ධයෙන්  අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සඳහන් කළේ රටක් ලෙස කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිවැරදිව සිදුකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලැබීම ප්‍රමාදවුවද ශ්‍රී ලංකාවට දැවැන්ත බලපෑමක් සිදු නොවනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,514FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img