යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේදී ලැබුණු ලිඛිත සහ වාචික කරුණු 500 කට අධික සංඛ්‍යාවක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව ද එම කොමිසම පෙන්වා දෙනවා.
මේ වනවිට ඊට අදාළ නිර්දේශ සකස් කරමින් පවතින බවත්, එම නිර්දේශ කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සදහන්.
ලංකා විදුලිබල මණ්ඩලය මෙම මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා 18.3% මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර, එය පෙර ණය ගැනීම් ද ඇතුළුව, ඉහළ යන මෙහෙයුම් වියදම් කළමනාකරණය කිරීමට සහ ණය ගෙවීම සඳහා අත්‍යවශ්‍ය බව පවසා තිබෙනවා.
විදුලිබල මණ්ඩලයට අනුව යෝජිත වැඩිවීමත් සමඟ වුවද, සාමාන්‍ය අනුපාත තවමත් වසර ආරම්භයේ තිබූ මට්ටමට වඩා 5.4%ක් පමණ අඩුවෙන් පවතිනවා.