25.6 C
Colombo
Monday, January 12, 2026

ICC T20 ශ්‍රේණිගත කිරීම්හි පැතුම් තවත් ඉදිරියට

Published:

ICCය නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.

ඒ ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන්.

ඒ අනුව ඔහු 7 වන ස්ථානයේ සිට ස්ථාන 2 කින් මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම එම තරගයේ දී අර්ධ ශතකයක් රැස්කළ කුසල් ජනිත්ද 11 වන ස්ථානයේ සිට 9 වන ස්ථානයට ඉදිරියට පැමිණ සිටිනවා.

විස්සයි20 පිතිකරුවන් අතර පළමු තැන ඉන්දියාවේ අභිෂේක් ශර්මාට හිමිව තිබෙනවා.

මේ අතර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර අංක එකට පත්ව සිටි ඉන්දියාවේ හර්දික් පාන්ඩ්‍ය අභිබවා පාකිස්තානයේ සයිම් අයුබ් පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගද මෙම කාණ්ඩයේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 6 වන ස්ථානයට පැමිණ සිටිනවා.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,980FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img