28.4 C
Colombo
Sunday, July 6, 2025

Honda වාහන 200,000ක් ආපසු කැඳවනු ඇති බවට තොරතුරු…

Published:

ඇතැම් වාහන මාදිලිවල තිරිංග පැඩල් සංවේදකවල ගැටළු හේතුවෙන් Honda සමාගම දෙමුහුන් වාහන 200,000 කට වැඩි ප්‍රමාණයක් ආපසු කැඳවනු ඇති බව වෙළඳපල නියාමනය සඳහා වන චීනයේ රාජ්‍ය පරිපාලනය බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව 2018 වසරේ ඔක්තෝබර් 8 සිට 2020 සැප්තැම්බර් 7 දක්වා නිෂ්පාදනය කරන ලද දෙමුහුන් වාහන 105,608 ක් ආපසු කැඳවනු ලබන අතර, Honda සමාගමේ Guang Cobile Group හි නිෂ්පාදන හවුල්කාරිත්වයෙන් නිපදවූ තවත් වාහන 95,081 ක් ආපසු කැඳවනු ලබන බවයි වාර්තා වන්නේ.

මෙම ගැටළුව නිෂ්පාදන ක්‍රියාවලියේදී තිරිංග පැඩල් සංවේදකවලට හඳුන්වා දුන් ලිහිසි තෙල් හා ගැටළුවක් වන අතර එමඟින් කාලයත් සමඟ සංවේදක සමඟ ගැටළු ඇති විය හැකි බව සඳහන්.

වාහන නැවත කැඳවීම 2023 වසරේ මාර්තු 31 සිට ආරම්භ වන බව වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img