30.6 C
Colombo
Sunday, August 24, 2025

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොවේ, එය සමාජ අවශ්‍යතාවයක් – අගමැති

Published:

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවයක් බව අප මතක තබාගතයුතු බවත්, යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාවය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සියවස් සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

සියවස් සැමරුමට සමගාමී ව නිල සමරු මුද්දරයක් ද මෙම අවස්ථාවේ දී නිකුත් කෙරුණා.

උත්සවය සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය,

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අපගේ වෛද්‍ය අධ්‍යාපනයෙන් වඩාත් මානුෂීය, සංවේදී සහ ආචාරධාර්මයෙන් පිරුණු, වෛද්‍යවරුන් බිහි කරන්නේ කොහොමද කියන කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ ඓතිහාසික සන්ධිස්ථානයට පැමිණීමට හැකීවීම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මම සුබ පතනවා. අද වගේම ඉදිරියටත් ඔබ සමඟ සිටගන්න රජය සූදානම් බවත් මේ අවස්ථවේදී මම කියන්න කැමැතියි.

මෙම උත්සව අවස්ථාවට එක් වූ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීමේදී පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දිශානතිය හැඩගැස්වීමේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස සලකනවා. වසර ගණනාවක් පුරා, බලපත්‍ර ලබා දීම, අධ්‍යාපන ප්‍රමිතීන්, වෘත්තීය සංවර්ධනය පවත්වා ගැනීම, ආචාරධාර්ම අධීක්ෂණය සහ සෞඛ්‍ය සේවක සැලසුම්කරණය වැනි කරුණු සම්බන්ධයෙන් අපි එකට වැඩ කරලා තියෙනවා. මේවා සුළුපටු කාර්යයන් නෙවේ, අපගේ පුරවැසියන්ට ලබා දෙන සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ වගවීම සහතික කරන්නේ කෙසේද යන්න මේ කාරණා මතයි තීරණය වෙන්නෙ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img