28.4 C
Colombo
Monday, July 7, 2025

GSP+ බදු සහනය 2023 දක්වා-යුරෝපා සංගමය කියයි…

Published:

GSP+ බදු සහනය 2023 දක්වා-යුරෝපා සංගමය කියයි…

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි එම කොමිසමේ ශ්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළද හා සන්නිවේදන ප්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඩ් (Thorstenbargfarde) මහතා සඳහන් කළේ 2023 දක්වා එම බදු සහනය ලබාදීමට තීරණය කළ ද එහි නිරික්ෂණය ක්‍රියාවලියේ වෙනසක් නොමැති බවයි.

යුරෝපා සංගම් නියෝජිතයන් සහ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර මෙම හමුව එම අමාත්‍යංශයේ දි පැවැත්විණ.

වෙළද වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP යුරෝපා සංගමය වෙත අපනයනය කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් බදු සහනයකි.

GSP+ යනු GSPසහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි.

යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දි එම මෙහෙයුමේ පෙන්වා දුන්නේ GSP+ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇගළුම් ක්ෂේත්‍රයට බවයි.

ඇගළුම් අපනයනයෙන් 60%ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගම් රටවලට බව ද ඔහු මෙහි දි පෙන්වා දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ඇගළුම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43%ක් පමණ නියෝජනය කරන බවයි.

අපනයන ආදායමට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් පමණ එක් කරනු ලබන ප්‍රධානතම නිෂ්පාදන කර්මාන්තය ද ඇගළුම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමතිවරයා යුරෝපා සංගමයේරටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබද ව රජයේ ස්තූතිය පළ කරන බව ද කීවේය.

යුරෝපා සංගමයේ රටවල ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා කැමැත්තෙන් සිටින බව යුරෝපා සංගම් උප සභාපතිවරයා කීවේය.

යුරෝපා සංගම් රටවල් වලට ශ්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙස ද ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

මෙම සාකච්ඡාවට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් මරීනා මොහොමඩ් යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,212FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img