වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව රජය විසින් නිකුත් කර තිබෙනවා.
අරගලය සමයේ පැවති තත්ත්වය මත, වියත්පුර ව්‍යාපෘතියෙන් සහනදායී ක්‍රමවේදයක් යටතේ නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමක් අනුව, සාමාන්‍ය ජනතාවට ලබා දෙන මිල ගණන්වලට වඩා අඩු මිලකට එම නිවාස ලබාදීමට 2024 ජූලි 15 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබුණා.
මෙම සහනදායී ක්‍රමවේදය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92 කට අධීක පාඩුවක් විඳීමට සිදු වී ඇති නිසා, එම සහනදායී ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත්, අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම්, සාමාන්‍ය මහජනතාවට එම නිවාස ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය සහ එම මිල ගණන් යටතේ ඔවුන්ට ද නිවාස මිල දී ගැනීමට අවස්ථාව ලබා දීමටත් වත්මන් රජය පසුගිය දා තීරණය කරනු ලැබුවා.
ඉහත සහන ක්‍රමවේදය යටතේ නිවාස මිල දී ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙක්, 2024 දෙසැම්බර් 31 වැනි දින වන විට විකුණුම් මිලෙන් 25%ක මුදලක් තැන්පත් කර තිබුණා.
එම මන්ත්‍රීවරුන් වන්නේ,
ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් විතාන, චින්තක අමල් මායාදුන්න, මිලාන් ජයතිලක, අශෝක ප්‍රියන්ත, ලලිත් වර්ණකුමාර, ජානක තිස්සකුට්ටිආරච්චිගේ, අජිත් රාජපක්ෂ, බණ්ඩාර හේරත්, එස්.එම්.එම්. මුෂාරෆ්, කුමාරසිරි රත්නායක, පී.ඒ.කේ. අතුකෝරාල, ෂෙහාන් සේමසිංහ, කුලසිංහම් දිලීබන්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, මොහොමඩ් මුසම්මිල්, එස්.එම්. චන්ද්‍රසේන, අසංක නවරත්න, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, පියල් නිශාන්ත ද සිල්වා, ඩී. වීරසිංහ, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රහීම් අලි සබ්රි, සම්පත් අතුකෝරල
