ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද (10) දහවල් 12 ට ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) හමුදා සමඟ එක්සත් ජනපදය භට පිරිස් 200ක් මැද පෙරදිගට යවන බවයි වාර්තා වෙන්නේ.
සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ඊශ්‍රායල හමුදා එකඟ වූ ස්ථානයකට ඉවත් කිරීම සහ ඇතැම් පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම මෙම ගිවිසුමට ඇතුළත්.
කෙසේ වෙතත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පෙර යුද්ධය අවසන් කිරීමේ “විධිමත් ප්‍රකාශයක්” කළ යුතු බවයි හමාස් සංවිධානය පවසන්නේ.
මේ අතර ගාසා තීරයේ රඳවා සිටින මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් නැවත ඊශ්‍රායලයට ගෙන්වා දෙන බවට සහතික වන ලෙස ඊශ්‍රායලයේ ‘ප්‍රාණ ඇපකරුවන් සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සංසදය’ (Hostages and Missing Families Forum) ගාසා සටන් විරාම සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.




Following 81bettelegram on Telegram. Get some pretty sweet promos and updates there. Solid info if you’re into that sort of thing.
Superwincasino, here I come! Hoping for a super win. Ready to test my luck and have some fun! Fingers crossed! Let’s enjoy at superwincasino!