31.7 C
Colombo
Monday, July 7, 2025

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පොහොට්ටුවේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Published:

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතු ලිපියෙහි දැක්වෙන්නේ.

ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට සිදුකර ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලබාදී තිබූ උපදෙස්වලට පරිභාහිරව ප්‍රියන්ත ගොඩගම සහබන්දුගේ කටයුතු කර ඇති බවත්, ඒ තුළින් ඔහු උප නගරාධිපති ලෙස තේරී පත්ව ඇති බවත් අදාළ ලිපියෙහි දැක්වෙනවා.

එලෙස පක්ෂයේ උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ පක්ෂ සාමාජිකත්ව අත්හිටු වූ බවත්, දැනට පක්ෂය තුළ දරණු ලබන සියලුම වගකීම්වලින් ඉවත් කරන බවයි එම ලිපියෙහි දැක්වෙන්නේ.

එම ලිපිය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img