පලස්තීන රාජ්‍යය විධිමත්ව පිළිගත් රටවල් අතරට ප්‍රංශය ද එක්ව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර පැවති සමුළුවකදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ බව නිවේදනය කර තිබෙනවා.
සාමය සඳහා කාලය පැමිණ ඇති බවත්, ගාසා තීරයේ සිදුවන යුද්ධය සාධාරණීකරණය කළ නොහැකි බවත් ඔහු පැවසුවා.
ජනපති මැක්‍රොන් තහවුරු කළේ බෙල්ජියම, ලක්සම්බර්ග්, මෝල්ටා, ඇන්ඩෝරා සහ සැන් මැරිනෝ යන රටවල් ද පලස්තීන රාජ්‍යය පිළිගන්නා බවයි.
එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ පෘතුගාලයද පසුගිය ඉරිදා (21) පලස්තීනය පිළිගන්නා බව නිවේදනය කර තිබුණා.