23.9 C
Colombo
Tuesday, January 13, 2026

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි – 38ක් අතුරුදහන්

Published:

ඉන්දුනීසියානු බාලි දූපත අසලදී පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වෙනවා.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් තිබෙනවා.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති බව සඳහන්.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් ඊට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන්.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන බවයි පැවසෙන්නේ.

එමෙන්ම දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් ද අනතුරු බහුලව සිදු වන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img