28 C
Colombo
Tuesday, January 13, 2026

UDA හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ඉඩම් පිළිබඳ හිටපු අධ්‍යක්ෂකට ඇප

Published:

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක සහ එහි හිටපු අධ්‍යක්ෂ – ඉඩම් සහ අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ වීරවංශ පෙරේරා ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කර ඇත්තේ ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප මත මුදාහැරීමටයි.

එසේම, ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණා.

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබාදීමේදී එම අධිකාරීයට රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂ දහනමදාස් හයසිය හැට හයයි ශත 16ක මුදලක් පාඩුකිරීමේ වරද මත මොවුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img