26.7 C
Colombo
Sunday, August 17, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට

Published:

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු හෙට මහනුවර, නිත්තවෙල – මහයියාව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ දහවල් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 57 වන වියෙහි පසුවුණා.

1968 වසරේ ජුනි මස 22 වනදා උපත ලැබූ ලොහාන් රත්වත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමල් පුත්‍රයායි.

2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට ප්‍රථම වරට තේරි පත්වූ ඔහු, 2010 වසරේදී පර්ලිමේන්තුවටද තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසයි.

2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් වූ අතර පසුව ඔහු මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබුවා.

2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

පසුව 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දරනු ලැබුවා.

අනතුරුව රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී 2024 වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයටද පත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,363FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img