24.5 C
Colombo
Friday, February 27, 2026

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට ඇප

Published:

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අද (25) අධිකරණයට ඉදිරිපත් වුණා.

එලෙස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10ක ශරීර ඇප මත ඇය මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම නියම කළා.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා යටතේ ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබූ නඩු 07ක් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුවයි ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img