රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සයිබීරියන් සිරකඳවුරක සිරගතව සිටියදී විෂ ශරීරගතවීමෙන් මියගොස් ඇති බවට ඔහුගේ බිරිඳ වන යුලියා නවාල්නායා පවසා තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ ඒ් පිළිබඳ රසායනාගාර පරීක්ෂණවල සොරගත් සාම්පල මගින් මේ බව තහවුරු වන බවයි.
නවාල්නායාට අනුව, වෙනම විදේශීය රසායනාගාර දෙකක් විසින් පරීක්ෂණ ස්වාධීනව සිදු කරන ලද අතර, දෙකම එකම නිගමනයකට එළඹී ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
රුසියාවේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද උදෑසන මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමා ඒම ප්‍රකාශය පිළිබඳව දැනුවත් නොමැති බවයි.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ දැඩි විවේචකයෙකු වූ නවාල්නි 2024 පෙබරවාරි මාසයේදී දුෂ්කර ප්‍රදේශයක බන්ධානාගාරගතව සිටියදී වයස අවුරුදු 47 දී මිය ගියා.
රුසියානු බන්ධනාගාර ප්‍රකාශයට අනුව, ඔහු තම බන්ධනාගාරයේ ඇවිදිමින් සිටියදී අසනීප වී සිහිසුන් වීමෙන් පසුව මියගොස් තිබුණා.