27.2 C
Colombo
Saturday, February 28, 2026

මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී නිල නිවාසවලින් පිටත් වෙයි

Published:

ඊයේ (10) දිනයේ සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් විසින් සිය නිල නිවාසවලින් පිටත්ව යාමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් සිය නිල නිවසෙන් පිටව ගියා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිය නිල නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව සඳහන්.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික නිවාසවල රැඳී සිටින අතර හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත්ව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,502FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img