28.4 C
Colombo
Tuesday, August 26, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදාහැරීමට නියෝග

Published:

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප හිමි වී තිබෙනවා.

ඒ මහජන මුදල් රුපියල් ලක්ෂ 166 ක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේ අද(26) කැඳවූ අවස්ථාවේදී.

රනිල් වික්‍රමසිංහ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු කොළඹ ජාතික රෝහලේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට සම්බන්ධ කරගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හෘදයේ ධමනි හතරෙන් දෙකක් සම්පූර්ණයෙන්ම අවහිවර වී ඇති බව අධිකරණයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ මඩුල්ල දන්වා සිටියා.

හිටපු ජනපතිගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මේ වන විට දැඩි ලෙස රෝගී තත්ත්වයක සිටින බව ද නිතීඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

මේ හේතු‍ සුවිශේෂී කරුණු ලෙස සලකා බලා තම සේවාදායකයාට ඕනෑම ඇප කෙන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසයි හිටපු ජනපතිවරයාගේ නිතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේප කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දන්වා තිබුණා.

ඒ අදාළ විමර්ශන තවදුරටත් අවසන්ව නොමැති බව සඳහන් කරමින්.

ඒ අනුව නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත භාරයේ තබන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,430FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img