29.5 C
Colombo
Saturday, August 23, 2025

හිටපු ජනපති රනිල්ට නිවසින් ආහාර ලබාගැනීමට අවසර

Published:

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර හිමිව තිබෙනවා.

සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇතැයි සඳහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව වෛද්‍ය උපදෙස් මත මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස රනිල් වික්‍රමසිංහ මහතාව මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,366FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img