හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ ඔහු නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්‍රදේශයේදී සිදුව ඇති පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි .
අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න මහතා අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.