25 C
Colombo
Tuesday, November 4, 2025

මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්

Published:

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළා.

මග නැඟුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට කොන්ත්‍රාත්තු 112ක් තම අභිමතය පරිදි ප්‍රජාපාදක සමිති 12කට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට අදාළව සැකකරු අල්ලස් කොමිසම විසින් අද (10) දහවල් අත්අඩංගුවට ‍ගනු ලැබුවා.

සැකකාර හිටපු නගරාධිපතිවරයා අදාළ කොන්ත්‍රාත් ප්‍රදානය කර මුදල් ගෙවීමේදී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අදාළ ව්‍යාපෘති සඳහා නීති විරෝධී ලෙසත් අයුතු සහගත ලෙසත් මැදිහත්වීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකර ඇති බවට ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,397FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img