කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබෙනවා.
ඒ මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න මහතා ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේ දී.
එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණා.
ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 05ක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබෙනවා.