26.1 C
Colombo
Wednesday, August 27, 2025

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

Published:

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය නියම කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම කැඳවීම් සිදුකරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතුවලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදුකරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.

2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,446FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img