27.8 C
Colombo
Friday, July 25, 2025

පාස්කු විමර්ශනයකට අදාළව මඩකලපුව හිටපු පොලිස් OIC රඳවාගෙන ප්‍රශ්න කරයි

Published:

පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුව ගත් බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.

හිටපු ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලීසිය අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්න බවද අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,345FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img