30.6 C
Colombo
Wednesday, August 6, 2025

පස් කන්දක් ඉවත් කරමින් සිටි පස්දෙනෙක් තවත් පස් කන්දකට යටවෙයි

Published:

නිවසකට කඩා වැටුණු පස් කන්දක් ඉවත් කරමින් සිටි කම්කරුවන් මතට තවත් පස් කනදක් කඩා වැටීමෙන් පස් දෙනෙක් යට වී තිබෙනවා.

මස්කෙළිය සාමි‍මලේ මාර්ගයේ බැනියන් පාලම අසල නිවසකටයි අද මෙලෙස පස් කන්දක් කඩාවැටී තිබුණේ.

ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී ඇති බවත්, එය ඉවත් කරමින් සිටියදී දහවල් 12:00ට පමණ තවත් පස් කන්දක් කඩා වැටී ඇති බවත්, වාර්තා වෙනවා.

පසුව ප්‍රදේශවාසීන් මස්කෙළිය රෝහලේ වෛද්‍යවරුගේ සහයෝගය ඇතිව පස් කන්දට යට වී සිටි පුද්ගලයින් 5 දෙනා ගොඩට ගෙන මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

කෙසේ නමුත් රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,355FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img