23.4 C
Colombo
Friday, November 28, 2025

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරකින් කාන්තාවක් මරුට

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම සුපිරි වෙළෙඳසැල්වලට භාණ්ඩ බෙදා යළි කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ඩීපිෂර් ලොරි රථයක, ඊට පිටුපසින් පැමිණි පවුල් දෙකක සාමාජිකයන් අටදෙනෙකු ගමන් ගත් වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රථය පදවා ඇත්තේ, මිය ගිය කාන්තාව විවාහ ගිවිසගෙන සිටි තරුණයා වන අතර, ඔවුන් එළැඹෙන දෙසැම්බරයේ විවාහ වීමට නියමිතව සිට ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ මිය ගිය කාන්තාවගේ සහෝදරයාව රැගෙන ඒමට කටුනායක ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් තිබූ වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.

පොලිස් විශේෂ කාර්ය බළකා ගිනිනිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ නිලධාරීන් සහ රථ වාහන පොලිස් නිලධාරීන් අනතුර වූ ස්ථානයට ළඟා වෙන විටත් එම මාර්ගයේ ගමන් ගත් වාහනවල සිටි පිරිස අනතුරට පත් පිරිස වෑන් රථයෙන් පිටතට ගෙන තිබූ අතර දරුවන් තිදෙනා කඩිනමින් රෝහල්ගත කර තිබෙනවා.

තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසා රෝහල වෙතත් හෝමාගම මූලික රෝහල වෙතත් යොමු කිරීමෙන් අනතුරුව කුඩා දරුවන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

හෝමාගම මුලික රෝහලේ මේ වනවිට පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ප්‍රතිකාර ලබන අතර එම කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිසිය පවසනවා.

ඊශ්‍රායලයේ සිට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ එම කාන්තාවගේ සැමියා බව ද සඳහන්.

තුවාල ලැබූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවයි පැවසෙන්නේ.

රියදුරුගේ අධික වේගය සහ නින්දයාම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,479FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img