25.6 C
Colombo
Monday, July 21, 2025

ගසක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

Published:

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට සුළං සමග ඇද හැලෙන අධික වර්ෂාව නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සමග විශාල ෆයිනස් ගසක් අද (21) අලුයම කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ මාර්ගයේ ඉහළින් තිබූ විශාල ෆයිනස් ගසක්, පස් කන්දක් සමග අලුයම 4:00ට පමණ ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු අලුයම 5:00 පමණ වන තෙක් අඩාලව පැවති බවයි වාර්තා වෙන්නේ.

වටවල පොලිස් නිළධාරීන් විසින් කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට එක් මන්තීරුවකට සීමා කර තිබෙන බව සඳහන්.

පවතින අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ, හැටන් මහනුවර යන ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවලද ගස් සහ පස් කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථවාහන ධාවනය කරවීමේදී සැලකිලිමත් වන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,341FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img