28.9 C
Colombo
Tuesday, July 15, 2025

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඔන්ලයින් පාස්පෝට් ගන්න පහසුකම්

Published:

ශ්‍රී ලාංකිකයින් විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල/කාර්යාල හරහා සිදු කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ක්‍රමවේදය කඩිනම් කිරීම පිණිස එය මාර්ගගතව සිදු කිරීම සඳහා සහාය ලබා ගැනීමට අදාළව යෝජනාවක් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, දූත මණ්ඩල/කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති/ මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර තිබුණා.

එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර, ඩිජිටල් තාක්ෂණය භාවිත කර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,314FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img