24.5 C
Colombo
Wednesday, November 26, 2025

කේරල මුහුදේ නෞකාවක පිපිරීමක්

Published:

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22 දෙදෙනෙකු සිට ඇති අතර ඉන් 18 දෙනෙකු බෝට්ටු මාර්ගයෙන් නැව අතරහැර දමා ගොස් තිබෙනවා.

පිපිරීම සිදුව අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් තුවාල ලබා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ඉන්දීය නාවික හමුදාව ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තුවාල ලැබූ කාර්ය මණ්ඩලය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 7 වැනි දින කොළඹ වරායෙන් පිටත් වී මුම්බායි බලා යමින් තිබූ අතර එය මුම්බායි නවා ශෙවා වරාය වෙත ජුනි 10 වැනි දින පැමිණීමට නියමිතව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,472FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img