29.5 C
Colombo
Saturday, February 28, 2026

ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11 වැනිදා

Published:

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 11 වනදා දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල නියෝග කළා.

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බව කියන චෝදනාව යටතේ ශෂී වීරවංශට මෙම නඩුව පවරා තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිරීප පීරිස් විශේෂ පාර්ලිමේන්තු කමිටුවක සාක්ෂි විභාගයට පෙනී සිටින බැවින් පැමිණිල්ල කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව නඩු විභාගය කල් තැබීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,646FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img