‘ඩ්‍රෝන් ආරක්ෂක පවුරක්’ සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී රැස්වීමේ දී.
රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට අනවසරයෙන් ඇතුළුවීම් සිදුවීම හේතුවෙන් ‘ඩ්‍රෝන් ආරක්ෂක පවුරක්’ සැකසීමට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ‘ඩ්‍රෝන පවුර’ යනු භෞතික බිත්තියක් වෙනුවට, අනවසරයෙන් ඇතුළු වන, මිනිසුන් රහිත ගුවන් යානා හඳුනා ගැනීමට, ලුහුබැඳීමට සහ උදාසීන කිරීමට සංවේදක සහ ආයුධ ජාලයකින් සමන්විත ස්ථර සහිත පද්ධතියක්.
මෙය එක් එක් යුරෝපාසාමාජික රටවල ඩ්‍රෝන විරෝධී හැකියාවන් මත ගොඩනැගෙනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම සැලසුම දැනටමත් ක්‍රියාත්මක වන යුරෝපීය රහස් ආරක්‍ෂක මුලපිරීම සමඟ සම්බන්ධ විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
මෑතකදී රුසියාව විසින් පෝලන්තය හරහා ඩ්‍රෝන යානා සහ එස්තෝනියාව හරහා ප්‍රහාරක ජෙට් යානා මඟින් යුරෝපා කලාපයේ ගුවන් අවකාශය උල්ලංඝනය කර ඇති බවට යුරෝපීය බලධාරීන් චෝදනා කරනවා.
පෝලන්තයට රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ ඇතුළු වීමෙන් යුරෝපයේ ආරක්ෂක හැකියාවන්හි ඇති හිඩැස් හෙළිකළ බවයි නිලධාරීහු සහ විශ්ලේෂකයෝ පවසන්නේ.




So, I tried zt9398bet, and it’s okay. Seems pretty standard. See for yourself if you like it by clicking zt9398bet! Good luck!
Alright lads, Goal11CasinoLogin – been checkin’ it out. Site’s easy enough to navigate. Good for a quick punt after work! Check them out at goal11casinologin