2025 එමී සම්මාන උළෙල ඇමරික එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීශීදී ඊඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
එහිදී Adolescence, The White Lotus, Severance සහ The Penguin සම්මාන රැසක් දිනාගත්තා.
The Pitt විශිෂ්ඨතම කතා මාලාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. විශිෂ්ඨතම ප්‍රහසන කතා මාලාව ලෙස නම් කෙරුණේ The Studio.විශිෂ්ඨතම සීමිත කතා මාලාව Adolescence.
කතා මාලාවක විශිෂ්ඨතම නළුවා ලෙස Noah Wyle – The Pitt සහ විශිෂ්ඨතම නිළිය ලෙස Britt Lower – Severance සම්මාන දිනාගත්තා.
2025 එමී සම්මාන උළෙලේදී හොඳම ප්‍රහසන උත්පාදන නළුවා ලෙස ‘ද ස්ටුඩියෝ’ කතා මාලාවේ සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ‘හැක්ස්’ කතා මාලාවේ ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත් වුණා.
විකට කතා මාලාවක කැපී පෙනෙන සහය නිළිය සඳහා Hannah Einbinder සම්මන දිනාගත් අතර ඒ ‘හැක්ස්’ චිත්‍රපටය වෙනුවෙන්. විකට කතා මාලාවක කැපී පෙනෙන සහය නළුවා ලෙස Jeff Hiller – Somebody Somewhere වෙනුවෙන් සම්මාන දිනගත්තා.
සම්මාන උළෙලේ විශිෂ්ට සහාය නිළිය (නාට්‍ය කතාමාලා) සම්මානය දිනා ගත්තේ ‘The Pitt’ කතාමාලාවේ රංගනය වෙනුවෙන් – කැතරින් ලානාසා (Katherine LaNasa). (නාට්‍ය කතාමාලා) විශිෂ්ට සහාය නළුවා සම්මානය ‘Severance’ කතාමාලාවේ රංගනය වෙනුවෙන් – ට්‍රමෙල් ටිල්මන් (Tramell Tillman) දිනා ගැනීමට සමත් වුණා.
නාට්‍ය මාලාවක් සඳහා විශිෂ්ටතම අධ්‍යක්ෂණය වෙනුවෙන් Adam Randall, Slow Horses සහ විකට කතා මාලාවක විශිෂ්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් Seth Rogen, The Studio සීමිත කතා මාලාවක් හෝ චිත්‍රපටයක් සඳහා විශිෂ්ටම අධ්‍යක්ෂණය වෙනුවෙන් Philip Barantini, Adolescence වෙනුවෙන් සම්මාන දිනාගත්තා.
‘Adolescence’ හි රඟපෑ ඕවන් කූපර්, එමි සම්මානයක් දිනා ගනිමින්, එමි සම්මානයක් දිනූ ලාබාලතම නළුවා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.
ඔහු මෙම සම්මානය දිනාගත්තේ ‘Outstanding Supporting Actor In A Limited Series or Movie’ යන කාණ්ඩය යටතේයි.