23.9 C
Colombo
Tuesday, January 13, 2026

ලොව පළමු ඩොලර් බිලියන 500 ධනවතා එලොන් මස්ක්

Published:

ඩොලර් බිලියන 500කට ආසන්න ශුද්ධ වත්කමක්ලබාගත් ලොව පළමු පුද්ගලයා බවට ටෙස්ලා මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පත්ව තිබෙනවා.

මෙම වාර්තාගත ධනය ඉහළ යාමට හේතු වී ඇත්තේ විද්‍යුත් වාහන (EV) සමාගමේ කොටස් යළිත් ඉහළ යාම සහ මෙම වසරේදී ඔහුගේ අනෙකුත් ආරම්භක සමාගම්වල (startups) වටිනාකම් වේගයෙන් ඉහළ යාමයි.

ෆෝබ්ස් සඟරාව නිකුත් කරන කෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ඊයේ පස්වරුව වනවිට මස්ක්ගේ ශුද්ධ වත්කමඩොලර් බිලියන 500.1ක්ලෙස සටහන් වී තිබෙනවා.

සැප්තැම්බර් 15 වන විට ඔහු ටෙස්ලා හි 12.4% කට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටි අතර ටෙස්ලා කොටස් මෙම වසරේ මේ වන විට 14% කට වඩා ඉහළ ගොස් ඇති තිබෙනවා.

බදාදා දිනයේදී 3.3% කින් ඉහළ යෑමත් සමඟ මස්ක්ගේ ශුද්ධ වත්කමට ඩොලර් බිලියන 6 කට වඩා එකතු වුණා.

ටෙස්ලා සමාගම මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ තත්වයෙන් ඔබ්බට AI සහ රොබෝ විද්‍යාවේ ප්‍රධාන බලවතෙකුබවට පත්වීමට තරඟ වදින බැවින්, මස්ක් විසින් ඩොලර් බිලියන 1ක් පමණ වටිනා කොටස් මිලදී ගැනීමක් ද සිදු කර තිබුණා.

එලොන් මස්ක්ගේ අනෙකුත් ආරම්භක සමාගම් වන xAI සහ රොකට් සමාගම වන SpaceX ද මෙම වසරේදී සිය වටිනාකම් ඉහළ නංවා තිබෙනවා.

Pitchbook හි දත්තවලට අනුව, xAI හි අවසාන වටිනාකම ජූලි මාසය වන විට ඩොලර් බිලියන 75ක්.

ෆෝබ්ස් ලැයිස්තුවේ මස්ක්ට පසුව දෙවන ධනවත්ම පුද්ගලයා වන්නේ ඔරකල් (Oracle) නිර්මාතෘ ලැරී එලිසන්.

ඔහුගේ ශුද්ධ වත්කම බදාදා වන විටඩොලර් බිලියන 350.7ක්පමණ වුණා.

2 COMMENTS

  1. F666, kinda edgy name, right? But the site’s actually pretty clean. Got my attention with the promo offers. Could use some better customer support, but hey, no one’s perfect. Worth checking out for the bonuses alone. f666

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img