25.6 C
Colombo
Sunday, March 1, 2026

අද සිට ගමන් අරඹන ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්

Published:

සති අන්තයේ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් නව දුම්රියක් අද සිට ධාවනයට එක්වුණා.

කොළඹ සිට බදුල්ල දක්වා ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින් දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පවතිනවා.

ඒ අනුවයි, ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස් නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇත්තේ.

අද සිට සෑම සෙනසුරාදාවකම අලුයම 5.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා මෙම දුම්රිය ගමන් කරනවා.

ඊට පසු දින පස්වරු 1.45 ට බදුල්ලෙන් පිටත්ව කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
7,070FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img