25 C
Colombo
Thursday, January 15, 2026

දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා මිය යයි

Published:

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සි​ය මියගොස් තිබෙනවා.

අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් සඳහන් කළේ.

දින 8 කට වැඩි කාලයක් හස්තියාට ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටියදී හස්තියා මෙලෙස මියගොස් තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් මහත් වෙහෙසක් දැරුවා.

එසේ වුවත් මාංශ පේෂි දියවී ගොස්, රුධිර සංසරණයට ද බාධා එල්ලවී හස්තියා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවයි පශු වෛද්‍යවරුවන් පැවසුවේ.

කෙසේවෙතත් දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (14) අනෙක් පසට හැරවීම සිදුකර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,001FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img